මොන ප්‍රශ්න තිබුණත් පෙම්වතිය පෙම්වතාගේ උණුසුම සොයනවා
ඇයි ඒ? ආදරය පිරි ඉතිරී මුළු කය පුරාම විහිදී යන නිසා. ඒ නිසා ම ජීවිතය පිළිබඳ අනාගත දැක්‌මක් ඔවුනොවුන්ට නොදැනෙන නිසා "මම ඔයාට ආදරෙයි" "මගේ පණ වුණත් ඔයා වෙනුවෙන් පූජා කරන්නම්" "මම මගේ රත්තරන්ට සදා ආදරෙයි" "අපි සැම ආත්මෙකම ඒ ආදරය තුළිsන් එක්‌වෙමු. කියන ප්‍රේමණීය හෝරාවන් කොච්චර නම් ගත කරන්න ඇත්ද? "ඔයා ආවේ නැත්නම් මම තරහයි" ප්‍රේමවන්තයා එසේ කියද්දී ප්‍රේමවන්තිය කල්පනා නොකර "එයා තරහ වුණොත්? " යන ෙච්තනාවෙන් ඔහු කියන ඕනෑම මාලිගාවකට, සිහින ලෝකෙකට යන්නට ලෑස්‌තියි. ඇය දෙවරක් නොසිතයි. ප්‍රේමවන්තිය යනු කාන්තාවකි. ඇය තුන් වරක් සිතිය යුතු වුවත්, තුන්වරක් ප්‍රේමවන්තයාට එබදු තැන් වලට යාමට නොහැකි හේතුව ආදරණීයව පැහැදිලි කළ යුතු වුවත්, එය එසේ ප්‍රේමවන්තයා බාර ගනීද? භාර නොගන්නේ නම් ප්‍රේමවන්තිය ප්‍රේමණීය හෝරාවන් තුළ ඔහු පිළිබඳ අදහස් හා හැඟීම් අවබෝධතාවයකින් යුක්‌තව ගොඩ නගා ගත යුතුය. එසේ නම් ප්‍රේමවන්තයා වර්තමානයේ තරහා වුවත්, අනාගතයේ සුන්දර මතකයන් තුළ ජීවිතය ගෙවන්නට හැකි වනු ඇත. නමුත් තනි වූ සිහින මාළිගාවේ අසුන්දර සිදුවීම් සිදුවුවහොත්, සිදුවීම ආරම්භ වුවහොත් ප්‍රේමවන්තිය ජීවිතය පුරාවටම දුක් විඳිනු ඇත. කනගාටුව, ප්‍රශ්නය තුළ අනාගතයට මුහුණ දීමට සිදුවීම අනිවාර්ය වනු ඇත.
එක් එක්‌කෙනා අනෙකාට වරද පටවා තමා නිවැරදි බව නිර්දෝෂි බව ඔප්පු කිරීමට යත්න දරන අතර ආදරණීය හැඟීම් සොරාගෙන ගොස්‌ය. ඒ මෙතෙක් කල් දෙදෙනාම එක්‌කෙනෙක් විදියට ප්‍රේමණීයව ආදරය කළ දෙදෙනාගෙන්ය. විවාහ වී සති එක, දෙක, තුන , ගලාගෙන යද්දී අතීත සැමරුම් සියල්ල දුක්‌බර අතීතයකට සේන්දු කරයි. ඒ අතීතයේම සිදුවීම මත යෑපෙමින් එක් එක් අයගේ වැරදි වෙනත් දෘෂ්ටිකෝණවලින් බැලීමට සෙවීමට උත්සාහ කරයි. ආදරය හඳුනාගත් දෙදෙනා දැන් යම් පුවත්පතක ලිපිවල ශීර්ෂ පාඨයන්ට බැන ගනිති. රූපවාහිනියේ විකාශනය වන ටෙලිනාට්‍යවලට ගහ ගනිති. දුරකතන ඇමතුම්වලට මරා ගනිති. බිරිඳගේ අම්මා කතා කරන විට ස්‌වාමියාට තරහා යයි. ස්‌වාමියාගේ අම්මා කතා කරන විට බිරිඳ කෝපයෙන් බලයි. මේ දහස්‌වරක් ප්‍රේමණීය හෝරාවන් ගත කළ දෙදෙනාය. මම ඔයාලගේ අම්මාට, මගේ අම්මාට වඩා ආදරය කරන්නම් කියූ දෙදෙනාම නේද?
කුමන ප්‍රශ්නයක් හමුවේ වුවද බොහෝවිට බොහෝ පෙම්වතියන්ට පෙම්වතාගේ උණුසුම නැතිවම බැරිය. ඒ නිසාම ඇයද ඔහු කියන ඕනෑම තැනකට යන්නට, ඕනෑම දෙයක් කිරීමට සූදානම්ය. ඒ සෑම මොහොතක්‌ම තම ජීවිතයේ අඳුරු සෙවනැලි බවට පත්වනවා යෑයි ඇයට නොපෙනේ. පෙනුනත් කළ යුතු යමක් ඇයට නොතේරෙනවා මෙන්ම කළ යුතු යමක් ඇයට දැන් ඉතිරිව නැත. එසේ තම පෙම්වතාට අභීයෝගයක් වුවහොත් තමාගේ ජීවිතයට අනිසි බලපෑම් එල්ල වන බව දැන් ඇය හො¹කාරවම දනී. මෙය පෙර සූදානමක් ලෙස නොසිතුවේ ඇයි? මේ බිය නිසාම පෙම්වතාගේ රූකඩයක් බවට පෙම්වතිය නිතැතින්ම පත්වන්නේය. ඒ ඔහුගේ අත රැඳි අතීත සිදුවීම් නැමති නූල නිසාවෙනි. පෙම්වතිය ඒ අනුව ක්‍රියාත්මක වේ.
විවාහ උත්සවය ජයට ගත්තද තම ආදායමට සරිලන ක්‍රමයක් අනුගමනය නොකිරීම නිසා ප්‍රශ්න කිහිපයක් පැන නඟිනු ඇත. ඒ ප්‍රශ්නවලට පිළිsතුරු සොයන විට තවත් අතුරු ප්‍රශ්න උද්ගත වනු ඇත. එකිනෙක ප්‍රශ්න නිර්මාණය වනු ඇත. අසහනකාරී පීඩාකාරී පරිසරයක් එන්න එන්නම වර්ධනය වනු ඇත. දෙදෙනාගේ ජීවිත තුළට හෙමින් හෙමින් කඳුළ සුසුම කි¹ බසින්නටද පටන් ගන්නේය.


