මේක බොහොම සන්වාදාත්මක TOPIC එකක්…
මන් අහගෙන මේ ළගදි දවසක දොස්තර මහත්ත්යෙක් කියනවා.. කාන්තවන්ගෙන් 30%කට පමණ උපතින්ම කන්‍යා පටල පිහිටන්නේ නෑ කියලා…ඒක වෙන්න පුලුවන් දෙයක්ද කියන එක මට ලෝක ප්‍රශ්නයක්…
උපදිනකොටම අතේ ඇගිලි අඩුවෙන් උපදින ප්‍රමාණය ප්‍රතිශතයක් වශයෙන් ඔච්චර ලොකුද..?
එතකොට කනක් නැතිව… ඇහැක් නැතිව… නහය නැතිව… අත පය නැතිව…. උපදින ප්‍රමාණය ඔතරම් විශාලද?
ඉතින් ඒ හැමදේම හරියට තිබිලා ඕක විතරක් ඔතරම් ප්‍රමාණයකගේ නැතිව උපදින්න පුලුවන්ද කියන එක මට නම් මහ ලෝක ප්‍රශ්නයක්…
…
සමහරවිට දොස්තර මහත්තයා අපේ කාන්තාවන්ගේ ආරක්ෂාව පතා ඔය වගේ දෙයක් කිව්වද දන් නෑ…
මොකද අපේ සමාජයේ.. තාමත් බොහෝ දෙනා විවාහ වනතුරු කාන්තාව තම කන්‍යා භාවය ආරක්ෂා කර ගත් යුතුයි… කියන තැනනේ ඉන්නේ… ඇයි ඕක පිරිමින් වන අපට වලන්ගු නොවන්නේ… අනික ඕකෙන් කන්‍යාභාවය පිළිබදව… නිර්ණය කරන්න අපහසුයි… ක්‍රීඩා කිරීමේදි..නර්ථනය හැදෑරීමේදී… එදිනෙදා වැඩ කටයුතු වලදී… ඔය කන්‍යා පටලය කියන සියුම් පටලය ඉරී යන්න පුලුවන්… (පිරිමින්ගෙත් ඔහොම පහසුවෙන් කැඩිල යන නූල කියල එකක් තියෙන්නේ)
අනික කන්‍යා භාවයට කිසිම හානියක් කර නොගෙන.. මොන තරම් වනචර වැඩ කරන්න පුලුවන්ද..? එහෙම දහ අට සන්නියම නටලා කන්‍යා භාවය අහිමි කර නොගෙන ඉන්න කෙල්ලෙකුට වඩා… තමා අවන්කවම ආදරය කල ( රැවටිලි කාරයෙකුට) කෙනාට තම කන්‍යා භාවය උදුරා ගැනීමට ඉඩ දුන් අහින්සක කෙල්ලෝ කොච්චර හොදද..?
ඒත් අහින්සක සහෝදරියනි… තම කන්‍යා භාවය චාටුකාර ආදරවන්තයින්ට… නිකරුනේ බිළි දෙන්න එපා…මේ ලෝකය ඔබලා හිතන තරම් සුන්දර නෑ.. ඔබව බිළී බා ගැනීමට ඕන තරම්.. රකුසන්.. මෙලොව බලා සිටිනවා… ඔබේ අහින්සක භාවයෙන් අයුතු ප්‍රයෝජන ගන්න ඉඩ දෙන්න එපා… නිරතුරුවම සිහි නුවණින් වැඩ කරන්න.. ඔබට ජය වේවා…


