සාමාන්‍යයෙන් අපේ ලංකාවෙ තාම පිරිමි අය හම්බ කරනව, ගෑනු අය ගොඩක් තාමත් ඉන්නෙ ගෙවල් වල, නමුත් දැන් ටික ටික මේ තත්වෙ වෙනස් වේගන එනව. ඒත් තාම මේක මූලික අවධියෙ තියෙන්නෙ, ඒක නිසා කොල්ලනේ හොදට අහගන්න.
මේ තියන සමාජ තත්වෙ හැටියට පිරිමිය තමයි හම්බ කරල පවුලක් නඩත්තු කරන්න ඕන. ඒත් වෙන්න ඒකෙ අනිත් පැත්ත දැන්, ඔයාල දන්නවද දැන් ලංකාවෙ university වලට වැඩියම යන්නෙ ගෑනු ලමයි කියල?? පිරිමි ලමයි යන ප්‍රතිශතය ගෑනු ලමයි යන ප්‍රතිශතයට වඩා අඩුයි. ඒ වගේම උසස් අධ්‍යාපනයට වැඩියෙන්ම නඹුරු වෙන්නෙ ගෑනු ලමයි කියල තමයි ආරංචිය යන්නෙ නම්. ඉතින් මම wrong side යනවනෙ. මම ආදරය ගැනනෙ කියන්න ආවෙ, කියන්නෙ අධ්යාරපනය ගැන, sorry වෙන්න ඕන.
ඉතින් මේ තියන සමාජ තත්වෙ හැටියට පිරිමි ලමයින්ට තමයි අධ්‍යාපනය ඉතාම වැදගත්, හොද job එකක් නැත්නම් අතේ මිල මුදල් නෑ, ගෙයක් දොරක් හදාගන්න විදියක් නෑ.ඒක නිසා ගෑනුලමයින්ගෙ අම්මල තාත්තල කැමතිවෙන්නෙ නෑ.
ඒ උනාට අපේ ඇත්තො මොකද කරන්නෙ, class යන කාලෙ බොක්කෙන් love කරන්න යනව,gel packet වලටයි සුවද ගහන ඒවටයි මාර වියදම්, ඔහොම කරල ගෑනු ලමයෙක් යාලු කරගත්ත කියමුකො,ඊට පස්සෙ එයාට මාරවිදියට වියදම් කරනව. අන්තිමේදි මොකද කරන්නෙ, class cut කරලත් එහෙ මෙහෙ යනව. ඔහොම ගියාම ඉතින් විභාග කාලෙත් එනවනෙ,ආන්න එතකොට තමයි රත්වෙන්න ගන්නෙ. ඉතින් මොකද වෙන්නෙ, exam එකෙන් පස්සෙ අර ගෑනු ලමය සමහර විට campus යනව, එතකොට බොක්ක දුන්න මල්ලිට හුලන් තමයි, මොකද campus ගියාම එයාට වඩා හොද අය meet වෙනවනෙ ගෑනුලමයට. එහෙම නොවුනත් එයාගෙ අම්මල කැමති නෑ, මොකද “ මගෙ දුව සෑහෙන ඉගෙන ගෙන තියනව, degree එකකුත් තියනව, ඔය පුතා ඉගෙන ගෙන වත් නෑ” ,පුතාට sorry තමයි. එක්කො ඒ ගෑනු ලමයගෙ අම්මල කැමති නෑ, “ අපේ දුව A/L දක්වා ඉගෙන ගෙන තියනව, ඒ ලමයත් ඉගෙනගෙන තියනව තමයි A/L වෙනකන්, ඒත් ඒ ලමයට හරියමන් රස්සාවක් නෑ, අපේ දුවව දෙන්නෙ මොකටද දුක්විදින්න , වෙන ඔයිට වඩා හොද එක්කෙනෙකුට බන්දල දෙමු.” ඊට පස්සෙ වෙන කෙනෙක්ව බදිනව ඒ ගෑනු ලමය, ඊට පස්සෙ මල්ලි මොකද ඉතින් කරන්නෙ විරහ සින්දු කිය කිය, බොතලේට ඇබ්බැහි වෙනව.
නැත්නම් හිත හදාගන පොඩි job එකක් හොයාගන්නව ඉගෙනීම අතෑරල දාල. අර ගෑනුලමය හොද කෙනෙක්ව බැදල හොදට සැප විදිනව,ඔයයි ඔයාල ගැන මහ ඉහලින් බලාපොරොත්තු තියාගන හිටපු අමම්ලයි ඔයාලයි දුක් විදිනව.
මේ මම කියන්නෙ එක scenario එකක් විතරයි, සමහර අවස්ථාවල exceptional case තියනව. ඒත් අපිට හැම වෙලාවෙම එහෙම වෙයි කියල කියන්න බෑ නෙ, ඒක නිසා මම නම් කියන්නෙ අපේ ආරක්ෂාවට අපිව පියවර ගත්තොත් හොදයි කියල.
ඒක නිසා මම කතාව මෙහෙම හමාර කරනව, “කොල්ලනේ කෙල්ලෙක්ට හොද මිනිහෙක් අල්ලල බැදගත්තම හරියට හරි, මැරෙනකන්ම සතුටින් ජීවත් වෙන්න පුලුවන් ,ඒත් පිරිමියෙකුට වැරදුනොත් කොයි පෝසත් තාත්ත අම්මවත් එයාලගෙ දුව ඔයාලට දෙන්නෙ නෑ.”


