Subscribe:

Pages

Saturday, July 16, 2011

පිරිමින්ගෙන් පලි ගන්නට පස්‌සෙන් පන්නන ගැබිණි හොල්මන



හොල්මන් අවතාරාදිය පිළිබඳව විශ්වාස නොකරන මේ ලියන මම ද මෙයට වසර ගණනකට පෙර ලද සත්‍ය අත්දැකීමක්‌ මෙසේ ලියා තබමි. පාසල් අධ්‍යාපනයෙන් ඉවත්ව උසස්‌ පෙළ ප්‍රතිඵලයන් ලැබෙන තුරු අතර කාල පරාශය තුළ වයඹ පළාතේ කැලණිය ධනවත් ව්‍යාපාරිකයකු සතු රජයට පවරා ගැනීමට පෙර අක්‌කර දෙසීයක පොල් වත්තක සරත් කරවිට මහතා යටතේ ආධුනික වතු පාලකයකු ලෙස පුහුණුවීමේ කටයුතුවල යෙදුනෙමි. පොල් වත්ත විශාල වූ හෙයින් අභිමාන ස්‌වභාවයක්‌ දිවා කාලයේදී පැවතුන ද කම්කරු සේවක පිරිස්‌ තැනින් තැන විසිරී සිටි හෙයින් යම් තරමක හෝ පාළු ස්‌වභාවය තුරන්ව තිබිණි. එහෙත් රාත්‍රියේදී වතු පාලක බංගලාවට හැරුන විට එකල විදුලිය ද නොතිබිණි. කළුවර පාළු ස්‌වභාවයක්‌ හෙට දින ඉරු පායන තුරු පැවතුනි. එය වඩාත්ම බලපෑවේ වත්ත කෙළවර පිහිටි පොදු සුසාන භූමිය නිසාවෙනි. වේලාසනින් දල්වන පැට්‍රල්මැක්‌ස්‌ ලාම්පුව ද සුළු වේලාවකින් නිවා දැමීමෙන් පසු දල්වන භූමිතෙල් ලාම්පුව තවත් මූසල ගතිය වැඩි කළේය.

මා අසා ඇති ආකාරයට මෙම අක්‌කර දෙසීයක පොල් වත්ත සම්පූර්ණයෙන් ම පෙර කල විදේශිකයකුට අයත් අක්‌කර දහස්‌ ගණනක පෞද්ගලික වත්තක කොටසකි. කාලයාගේ ඇවෑමෙන් වෙන්ව මාගේ කතාවට අයත් අක්‌කර දෙසිය දඟකාර විනෝදයට ලබැඳි තරුණ සුපිරිටැන්ඩන් මහත්මයකුගේ පාලනයට යටත්ව තිබූ බව අද ද පාරම්පරිකව වත්තේ සේවය කරන කම්කරුවන් කියති.

මෙයට වසර පනහකට පෙර මෙම පාලන නිවසේ ඉවුම් පිහුම් කටයුතු සිදුවූයේ වත්තේම සේවයට පැමිණි ඩිංගිරි මැණිකා නම් වූ රූමත් තරුණ කාන්තාවක්‌ අතින් බව ජනමතයේ ඇත. එම තරුණිය සමඟ දඟකාර විදේශීය තරුණ වතු පාලක ආදර සම්බන්ධයක්‌ ඇතිකරගෙන තිබිණි. කාලයාගේ ඇවෑමෙන් ඇය වතු පාලකගේ අනියම් බිරිඳ ලෙසින් ඔහුගේ සියලුම අවශ්‍යතාවන් ඉටු කිරීමට පටන් ගත්තාය. ඇය ඔහුගේ වසඟයට පත්ව සිටි බවයි ගම්මු අදත් අදහස්‌ කරන්නේ.

ප්‍රසිද්ධ රහසක්‌ ලෙසින් පැවැත්වූ එම පෙම් පළහිලව්වේ අවසානය හොර රහසේම ඇය සුද්දාට දාව ගැබිනියක්‌ වීමයි. දුප්පත් මැණිකා විදේශීය වතු පාලකගේ රැවටීම්වලට ලක්‌වූවා පමණක්‌ නොව, වත්තේ අයිතිකාර සුදු පියා ප්‍රශ්නය විසඳුවේ පුතාව කොළඹට ගෙන ගොස්‌ ඩිංගිරි මැණිකාට පවුම් පනහක්‌ දී සුද්දාගේ පුතාගේ ලෙයින් පිලිසිඳුන දරු කළලය පවුම් පනහකට මිල කර ඩිංගිරි මැණිකාව වත්තේ සේවයෙන් ඉවත් කර දැමීමයි. ගම්මුගේ මතකය අනුව ගමට, දෙමාපියන්ට මුහුණ දීමට ලැඡ්ජාවෙන් දරු ගැබ සමගින් ඇය එක්‌ දවසක වත්ත කෙළවර සියඹලා ගසක ගෙල වැළලා ගෙන මියගොස්‌ සිටි බව

පැරැණි ගම්වාසීහු කියති.

මව ගෙල වැළලා ගෙන මිය ගියායින් පසුව කුස තුළ දරුවා ද මියගොස්‌ සිටි බව හදිසි මරණ පරීක්‍ෂණයේදී තීරණය වී තිබිණි. ඩිංගිරි මැණිකා ගෙල වැළලා මියගොස්‌ තුන් මාසයකට පමණ පසු වතු පාලක බංගලාව දෙසින් මැදියම් රැයේ කාන්තාවකගේ විළාප හඬක්‌ ඇසුණු බව ඇතැම් ගැමියන් අතර කසුකුසුවට ලක්‌ව තිබූ කතාන්දරයකි. ඇතැම් අවස්‌ථාවක බංගලාවේ මුළුතැන්ගෙය තුළින් දෙදෙනකු ආදරයෙන් කතා බහ කරන හඬ ද ඇසුන බව බංගලාවේ මුරකරු ලෙස සේවය කළ මර්තේලිස්‌ පවසා තිබිණි. ඇතැම් විටක වළං හට්‌ටි වට්‌ටි පොළොවේ ගසන හඬ ද ඇසුණු බව කියයි. බංගලාවේ ආරක්‍ෂකයා ලෙස සේවය කළ මර්තේරිස්‌ හැඩිදැඩි පිරිමියකු බව කියන ගැමියන් කිසිදු විටක හොල්මන් අවතාර විශ්වාස නොකල ඇතැම් රාත්‍රි කාලයේ වත්ත කෙළවර පිහිටි සොහොන දක්‌වා ඇවිද වත්තට සොරු පැමිණි දැයි විපරම් කිරීම ඔහු රාජකාරියේ අංගයකි.

ගම්මු පවසන කතා තුළ ඩිංගිරි මැණිකාගේ මනෝකාය බංගලාවේ හොල්මන් කරන බව දෙසවනින් ඇසූ අය ද වරෙක මධ්‍යම රැය මර්තේලිස්‌ සමඟ වත්ත කෙළවරදී ඇය කතා කළ බව ද පැවසේ. මෙකී කටකතා නිසා වත්තේ කිසියම් ව්‍යාකූලත්වයක්‌ නිර්මාණය වෙමින් තිබී ඇත. වතු පාලකයකු ලෙස මනසිංහ මහතා පත්ව ඇත්තේ එකී කාල වකවානුවේදී ය. මැදියම් වයස්‌ගත මනසිංහ මහතා දකුණේ අයෙකු වූ හෙයින් හොල්මන්, අවතාර, යන්ත්‍ර මන්ත්‍ර ආදී ගුප්ත බලවේගයන් එතරම් විශ්වාස නොකළේය. එහෙත් ඔහුටද මියගිය තරුණියගේ අද්භූත නිරූපණයන්ට නිරතුරු ගොදුරු වන්නට සිදු වූ බව ගම්මු අදත් කතාන්දර කියති.

තරුණ වතු පාලකවරයාට කිසිදු විටක ඔහුගේ කාමරයේ තිබූ සයනයේ නිදා ගැනීමට ලැබී නැත. ඇතැම් දිනක විළිරුදාවෙන් කෙඳිරි ගාන ගැහැනු කටහඬකට ඔහු නින්දෙන් බිය වී ඇහැරුන බව පසුදින වත්තේ සේවයට පැමිණෙන සේවකයන්ට පවසා තිබේ. ඇතැම් දිනෙක නින්ද ගිය පසු ඔහුගේ ගෙල තදින් ග්‍රහණය කළ බවක්‌ ද, ඔහුගේ නිදන සයනයේ ඔහු සමඟ කාන්තාවක්‌ පැත්තක නිදා ගෙන සිටි බව ද අනාවරණය කර තිබිණි. හිමිදිරියේ තේ කෝප්පයක්‌ සමඟ ඔහු අවදි කළ තරුණ කාන්තාවක්‌ දුටු බව ද පවසා තිබිණි.

මේ අතර කාලය තුළ සරත් කරවිට මහතා නව පාලකවරයා වශයෙන් පත්ව ආයේය. ඔහුගේ සහායකයා ලෙස මට ද එම වත්තේම පුහුණුවීමේ වතු පාලකවරයකු ලෙස සේවය කිරීමට අවස්‌ථාව ලැබුණේ මාගේ උසස්‌ පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වනතුරු නිදැල්ලේ සැරිසැරූ හෙයිනි. අප දෙදෙනාම වාසය කළේ එකම බංගලාවේ කාමර දෙකක ය. සරත් වාසය කළේ එයට පෙර පාලකයන් දෙදෙනකු වූ විදේශීය තරුණයා හා දකුණේ වතු පාලකයන් වාසය කළ කාමරයේ මය. මා වෙනුවෙන් වූයේ ඉදිරිපස කාමරයකි. පෙර සඳහන් කළාක්‌ මෙන් අඳුර වැටුන කල දීප්තිමත් පහන් ආලෝකයක්‌ නැත. පැයක්‌ දෙකක්‌ දැල්වෙන පැට්‍රල් මැක්‌ස්‌ පහන නිවා දැමීමෙන් පසු මුරකරු වූ මර්තේලිස්‌ ද වත්තේ ඉදිරි ගේට්‌ටුවට යැම ඔහුගේ රාජකාරියයි.

පුහුණුවීමේ වතු පාලකයකු වශයෙන් මට ද පැය කීපයක්‌ වත්ත තුළ උණ්‌ඩ සහිත තුවක්‌කුවක්‌ ද රැගෙන පාමුර සංචාරයක යෙදීම අනිවාර්ය රාජකාරියක්‌ විය. ඩිංගිරි මැණිකාගේ හොල්මන් කතා අසා තිබුණ හෙයින් රාත්‍රියේ තනිව ඇවිදීම තරමක චකිතයක්‌ මා තුළ වුවත් නොහැඟවීය. මට මතක විදියට එදා අමාවක දිනයක්‌ විය යුතුය. ඝන අඳුර කෑලි කැපිය හැකි තරමට ම අඳුරු මූසල ගතියකි. ඈතින් ඇසෙන විවිධ සතුන්ගේ හඬට අමතරව නරින්ගේ හූ කීමත්, උල ලේනාගේ හඬත් දැනවූයේ මහා බියකරු පරිසරයකි. හිතට බිය දැනුන ද කළ හැකි දෙයක්‌ නැත. එකම ශක්‌තිය හා පිහිට තුවක්‌කුව පමණි. හිතට දිරිය හා ආත්ම ශක්‌තිය ගෙන ඉදිරියට යන මාහට ඈතින් කිසියම් කෙඳිරිලි හඬක්‌ ඇසෙන්නට විය. හිත තිගැස්‌සුන ද මවාගත් ධෛර්යයෙන් තවත් පාවර කීපයක්‌ ඉදිරියට යන විට මා ඉදිරියට කිසියම් ඡායාවක්‌ පැමිණෙන බව දුටුවෙමි. සුදුම සුදුපාට සාරියකින් ගත සරසා ගත් ගැබිණියකගේ ස්‌වරූපය ගත් කාන්තාවක්‌ මා අභිමුඛයේමය. මා ගත දහදියෙන් පෙඟීමට වැඩි වේලාවක්‌ නොගියා සේම දැඩි මුත්‍රා පහකිරීමේ අවශ්‍යතාවක්‌ ද විය. මා දෑස්‌ විදහා ආයාසයෙන් බැලුවෙමි. ඇය අප සේවය කළ වත්තේ දරුවෙකු ලැබීමට සිටි රන්මලී බව හැඳිනගත් පසුව මගේ හිරවී තිබූ පපුව, කෙළ සිඳී ගිය මුව ප්‍රකෘති තත්ත්වයට පත්විය. අප්පේ රන්මලී මේ රෑ කොහෙද යන්නේ" යෑයි මා ඇසුවේ හිතේ බිය සැක සංකා හංගාගෙන වුවත් හොල්මන් සිතුවිල්ල මගෙන් දුරස්‌ වී නොතිබිණි. එයට වඩාත්ම හේතු වූයේ මා දුටු රන්මලී අපේ මර්තේලිස්‌ මාමගේ දුව නිසාය. "මහත්තය මම තාත්තව හම්බ වෙන්න යන්නයි යන්නේ. අම්ම ගියා කරත්තයක්‌ හොයන්න. මම තාත්තට කියල තාත්තත් අඬගහගෙන යන්නයි කියල."

අපි දැන සිටි විදියට මර්තේලිස්‌ මාමගේ දුව රන්මලීට බබෙක්‌ හම්බවෙන්න හිටිය බවත් ඇත්ත. වත්තේ කෙළවර පිහිටි මුර ගෙදර සිට වත්ත මැදින් පාරට යන බවත් දැන සිටියා. එහෙම නම් මා දුටු රන්මලී හොල්මනක්‌ විය නොහැකිය යන සිතුවිල්ල මගේ බිය දුරු කළේය. ඇය මගෙන් දුරස්‌ වී ගිය බවක්‌ පෙනුණි. කෑලි කැපිය හැකි ඝන අඳුරේ වුව රන්මලිගේ අති සුන්දර මුහුණ පියකරු ලෙස මා දුටුවෙමි. ඇය හොල්මනක්‌ විය හැකිද? තවමත් මා හද තුළ නොවිසඳුන කුතුහලයකි. මම ඇය රන්මලී ම යෑයි විශ්වාස කළෙමි.

එහෙත් මධ්‍යම රාත්‍රියේ පාමුර පරීක්‍ෂණ නිම කර බංගලාවට පැමිණෙන විට සරත් යම් කලබලයකින් බිය වී සිටින බව ඔහුගේ මුහුණින් මා දුටුවෙමි. "මොකද බං මුහුණට දාඩිය දාල හරියට උඹ හොල්මනකට බය වෙලා වගේ මොකද වුණේ? කියා ඇසුවත් උත්තරයක්‌ දීමට තරම් පියවි කල්පනාවක්‌ නොමැති බව මට දැනුනි. ඔහු කුමක්‌ හෝ පටලැවිල්ලකට ලක්‌ වී බිය වී ඇති සෙයක්‌ මට දැනුන හෙයින් වතුර වීදුරුවක්‌ ගෙන මුහුණට ඉස ස්‌වල්පයක්‌ බීමට සැලැස්‌වූ මා ඔහුගේ හිස අතගෑවෙමි

"මොකද බං වුණේ?"

"අනේ මන්දන්නේ නෑ බං මර්තේලිස්‌ මාමගේ දුව ලොකු බඩකුත් උස්‌සගෙන මෙහේ ඇවිත් මගෙන් තාත්තව ඇහැව්ව. තාත්තව එක්‌කල ස්‌පිරිතාලේ යන්න කියල. ඊට පස්‌සේ මම රන්මලීට සල්ලි ටිකක්‌ දෙන්න කියල හිතාගෙන ගෙට ගියා විතරයි ඒකි පස්‌සෙන් ඇවිත් තෝ වගේ එකෙක්‌ හින්ද තමයි මේ බඩට දරුවෙක්‌ ආවෙත්. උන්ගේ තාත්තත් ඌව අරගෙන මාව තනිකරල ගියෙත් කරපු වනචර කුපාඩිකම රුපියල් කොළවලින් වහල අන්තිමට මට සමාජයට අවජාතක දරුවෙක්‌ වදන්න බැරි හින්ද සමාජයට මුහුණ දෙන්න බැරි හින්ද මම මගේ ජීවිතය නැතිකර ගත්තා. මම මැරුණ වගේම මම තෝවත් මරාගෙන මැරෙනව කියල මගේ බෙල්ල මිරිකුව. ඊට පස්‌සෙ මට මොනවද වුණේ කියල මම දන්නේ නැහැ."

පුදුම වැඩක්‌නේ රන්මලි මගෙත් එක්‌කල කතා කරලනේ බං ආවේ. වෙන්න බැරි දෙයක්‌. හොල්මන් ඔහොම කරනවද? උඹගේ විකාර. වරෙන් බලන්න යන්න මර්තේලිස්‌ මාම ඉන්නවද කියල. අපි දෙන්නම ඉදිරි ගේට්‌ටුව වෙත ගියෙමු. මර්තේලිස්‌ මාම කුකුල් නින්දකය. ඔහුට බාධා කර අවදි කළෙමු. අනේ මහත්තයෝ හරි නිදිමතක්‌ ආව. ඩිංගිත්තක්‌ ඇස්‌ පියා ගත්ත විතරයි. බනින්න නම් එපා" යෑයි ආයාචනා කළේ අප ඔහුව පරීක්‍ෂාවට පැමිණියා යෑයි සිතා ගෙනය.

අප සිදුවූ හැම දෙයක්‌ම පැවසූයෙමු. ඔහුට කාරණය අවබෝධ විය. එහෙම වෙන්ඩ බැහැ. මහත්තය රන්මලීට බබා හම්බවෙන්න තව කල් තියෙනව. අනෙක ඒකි කවදාවත් තනියෙන් එන එකියක්‌ නෙමේ. අන්ධකාරයට පුදුම බයක්‌." සිදුවී ඇත්තේ කුමක්‌ද ඔහු ද දැන ගත්තා සේ ය. ඉන්න මහත්තයල දෙන්නම යමු බංගලාවට. අපි හෙට උදේට මොනවද වුණේ කියල කතා කරමු. එසේ කියූ ඔහු අප දෙදෙනා සමඟ බංගලාවට පැමිණ රැය පහන්වන තුරු රැඳී සිටියේය.

පසුදින උදයේ රන්මලී කෙනෙකු නො ආ බවත්, මර්තේලිස්‌ මාමගේ දුව නිවසින් එළියට නොබැසි බවත් අනාවරණය වුවත් සරත් ගේ බෙල්ල පමණක්‌ නියපොතු පහර වලින් තැන තැන තුවාල වී ඇති බව දුටුවෙමු. එදා සිට බදාදා - සෙනසුරාදා කෙම්මුර දවස්‌වල ගොම්මන් යාමේ ඩිංගිරි මැණිකා වතු බංගලාවේ දොරකඩ විලාප දෙන්නටත්, විලිරුදාවෙන් හඬ නඟන මවකගේ හඬින් යටගිරියෙන් කෑ ගසන හඬත් මුළුතැන්ගෙයි හට්‌ටි, වට්‌ටි බිම දමා බිඳින ශබ්දය ඇසුනත් එකද වළං කැබැල්ලක්‌ එහි නොවීය. එහි හොල්මන් සිදුවීම් දිනෙන් දින වැඩිවීම නිසා සරත් සහ මට රැකියාවට සමු දෙන්නට සිදුවූයේ හොල්මන් අද්භූත සිදුවීම් වලට මිනිසුන්ගෙන් පලි ගත හැකි බැවිනි.



ඔබේ අදහස් කියලා යන්න අපිට 

Friday, July 15, 2011

මල් - සහොදරියකගෙන් නිර්මාණයක්

අපි කලින් ලිපියෙදි ඔබට කිව්වා මතකද? මදුෂිකා කෞශල්‍යා සහොදරියගේ නිර්මාණ ඔබේ වෙතට ගෙනෙනවා කියලා.. මෙන්න මදුෂිකා කෞශල්‍යා සහොදරිය විසින් රචනා කරන ලද නිසදෑස් පද්‍ය පන්තියක්...






මල් ගැන ලොව ලියා තිබෙනකවි පදවැල් කඳු ගණන් ය
මල් ගැන එක කවියක්වත්
නො ලියූ එක කවියෙක් වත්
ලොවේ කොතැන හෝ නැත්තෙය

මලෙක මෙලෙක සුවඳ පැහැය
ලලනාවක උවම් පිණිස
පන්හිඳකට තෙලි තුඩකට
අසු නූනොත් එය පුදුමෙකි

මලෙක නමින් ගැහැනු පිරිමි
කොතරම් නම් හැඳින්වේ ද
හිසෙහි රැඳෙන ගෙලෙහි රැඳෙන
නන් පැහැමල් කොතෙක් වේද

මඟුලට මළගමට සුදුසු
මල් නැති වුව මහ අඩුවෙකි
පෙම්වතුනට පින්වතුනට
මලක් ලදොත් මහ සතුටෙකි

මලක් වගේ රැක ගන්නට
දෙන පිළිණය තිළිණයක් ය
මී බී බිඟු කැල දෙන හඬ
කවියන් හට ගීතයක් ය

කවියාණෙනි, මේ අහන්න
සියවස් ගණනක් තිස්සේ
මා ගැන එක කවියක්වත්
නිකමටවත් ලියා ඇද්ද?

සතර අතට ඇදී ගොසින්
පස විනිවිද පොහොර සොයා
ඔබ හට මල් පල දෙන්නට
මා සිදු කළ වැර වෑයම
නිකමටවත් පෙනුණෙ නැද්ද

මුල් නොපෙනෙන මල් පෙනෙනා
‘මිනිස් දහම’ එසේ වුවත්
කවියාණෙනි මේ අහන්න
මා ගැන කවියක් ලියන්න’





ඔබේ අදහස් කියලා යන්න අපිට 

තවත් දක්ෂයෙක් ශ්‍රි ලංකාවට


මම ‍‍අන්තර්ජාලයේ දවසක් තාක්ෂණය ගෑන සොයමින් යනකොට මට හම්බ උනා දක්ෂතා වලින් පිරිපුන් සහොදරියක්ව... මම හිතුවා එයා ගෑන ඔයාලටත් කියන්න..ඇය නමින් මදුෂිකා කෞශල්‍යා ... ඇයගේ වයස 18 ඇය ඉගෙනුම ලබන්නේ බටුවන්ගල මහා විද‍‍යාලයේ... ඇය භාෂාව අතින් නම් දක්ෂතම සොහොයුරියක්.. අපි ඉලග ලිපි වලදි ඇයගේ නිර්මාණ ඔබ වෙතට අරගෙන එන්නම්....




ඔබේ අදහස් කියලා යන්න අපිට 

Thursday, July 14, 2011

හොල්මන්, අවතාර විශ්වාස කරනවද?

 

හොල්මන් අවතාර විශ්වාස කරන්න ආමාරුයි.ඒත් අද සමාජය දෙස බැලුවහම හොල්මන් අවතාර පිළිගන්න අය ජීවත් වෙනවා.අපට හොල්මන් අවතාර ගැන මුලින්ම දැන ගන්නේ අපි පුංචිම කාලයේදී.කොහොම උනත් ඉතින් ලොකු කුඩා කවුරුත් හොල්මන් අවතාර ගැන කථා අහන්න තියෙන්නෙ පුදුම කැමත්තක්නෙ.බොහෝ පොත්පත්වලත් හොල්මන් ගැන සදහන් වෙනවා.

සමහර අය මේ හොල්මන් අවතාර දැකල තියනව කියලත් කියනවනෙ. විද්‍යාත්මකව ඔප්පුකරල නැති උනාට හොල්මන් අවතාර කියල දෙයක් ඇත්තටම තියනව වෙන්නත් පුලුවන්.සමහර ස්ථාන වල හොල්මන් අවතාර තියනව කියල අපිට අහන්න ලැබෙනව. පාලු ගෙවල්, සොහොන් පිටි වගේ තැන්වල හොල්මන් අවතාර ගැවසෙනව කියල බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.ඇත්තෙන්ම මම නම් හිතන්නේ හොල්මන් කියලා දෙයක් නැහැ කියලා.පාලු ගෙවල්,සොහොන් පිටි ළගින් යන කොට සමහර අය කියනවා ඔතන හොල්මන් ඉන්නව කියලා.එතකොට ඒ පුද්ගලයාට ඒ ගැන බය හිතෙනවා.එතනින් යන කොට යන්නේ බයෙන්.ගහක කොළයක් බිමට වැටුණත් ඔය ඉන්නේ හොල්මනක් කියලා බයේ දුවනවා.

මට මේ හොල්මන් අවතාර ගැන ලියන්න හිතුනේ අපේ පැත්තෙත් ඔය වගේ සිද්දියක් වුන නිසා.ඒ ගෙදර අය හොල්මන් දැකලා බය වෙලා.දැන් ඒ අයට හොදයි.මම නම් හිතන්නේ හොල්මන් අවතාර තියෙන්නේ ‍අපේ සිත තමයි කියලා. ඇත්තටම හොල්මන් අවතාර කියලා දෙයක් තියෙනවද?ඔයලා හිතන්නේ කොහොමද?


Wednesday, July 13, 2011

කුමක්ද? පුනර්ජිවයේ නගරයේ හොදම පාසල...


පුනර්ජිවයේ නගරය නොහොත් පානදුර නගරයේ හොදම පාසල කුමක්ද? කියන්න ඔබගේ ස්වාධින අදහස්.. පානදුර නගරයේ හොදම, දක්ෂතම පාසල කුමක්ද? ඔබට සිතෙන්න අයුරින් පවසන්න......

ඔබ කෑමතිම පාසල කුමක්ද? පළකරන්න ඔබේ ඡන්දය...
FX | Online Casino | VOTE POLLS | ONLINE CASINO | VIP Casino


පුනර්ජිවයේ නගරය නොහොත් පානදුර නගරයේ හොදම පාසල කුමක්ද?
එයට හේතුව කුමක්ද? ඔබේ අදහසුත් කියලාම යන්න